Cryptocurrency තුල ක්‍රියාත්මක වන තාක්ෂනය දිනෙන් දිනම අලුත් වන බව අපට පෙනෙනවා. ඒ වගේම විවිධ තාක්ෂනික ක්‍රම හදුන්වාදෙමින් දැනට පවතින Cryptocurrency Blockchain වල පවතින දුර්වලතා මගහරින්න උත්සාහ කරනවා.මේ නිසා අලුත් තාක්ෂනික ක්‍රම අපට හදුනාගන්න ලැබෙනවා. 2007 Satoshi Nakamoto කියන පුද්ගලයාගේ අදහසකට අනුව ආරම්භ උන Bitcoin තමයි Cryptocurrency වල ආරම්භය වෙන්නේ. ඒ වගේම තමයි Smart Contract තාක්ෂනය හදුන්වා දෙමින් Ethereum Blockchain ඒක දෙවනි ස්තානය ලබාගෙන තියෙනවා. අද අපි විස්තර අරගෙන ඒන ICP Coin ඒක Run වෙන Internet Computer කියන Blockchain ඒක තමයි තුන්වෙනි පියවරට හිමිකම් කියන්නේ. මෙතනදි මෙයාල Blockchain ඒක තුල Internet Speed ඒකෙන් ක්‍රියාත්මකවෙන්න අවස්තාව ලබා දීල තියෙනවා.

Internet Computer Blockchain ඒක ගැන මුල්වතාවට අදහස් පලවෙලා තියෙන්නේ 2016 දී. ස්විස්ටර්ලන්තයට අයිති DFINITY Association ඒක මගිනුයි. 2018 දි පලවෙනි ICO වටය පවත්වල Register Users ලා 50000 කට ICP Coin ලබාදීල තියෙනවා. 2020 දි Alpa Main Net නමින් ප්‍රතම දියත් කිරීම සිදුකර ඇති අතර 2021දී සම්පූරන වශයෙන් Internet Computer Blockchain ඒක ආරම්භ කරල තියෙනවා. දැනට Internet Computer Blockchain ඒකේ CEO විදිහට කටයුතු කරන්නේ Dominic Williams කියන පුද්ගලයාවේ. මොහු ගැන විස්තර කරනවනම් දැනට DFINITY Association ඒකේ CEO විදිහටත් කටයුතු කරන්නෙත් මොහුමයි. මොහුට London King’s College ඒකේ Computer Science පිලිබදව 1st Class Degree ඒකක් පවා තිබෙනවා.ඒ වගේම තමයි String Labs කියන ආයතනයේ President සහ CTO විදිහට කටයුතු කරල තියෙනවා. ලෝකය පුරා මිලියන ගනනක් Play කරපු Fight My Monster කියන Video Game ඒක වගේම Systemseven , Airdoc , Smart Drivers වගේ වැදගත් Project ගනනාවක්ම මොහු විසින් නිර්මාණය කරල තියෙනවා.
කලින් සදහන් කරපු විදිහට මෙයාල Internet Speed ඒකෙන් මෙයාලගෙ Blockchain ඒක පවත්වාගෙන යනවා. ඔයාල දන්නවා ඇති Internet ඒක ක්‍රියාත්මක වෙන්නේ Internet Protocol ඒහෙමත් නැත්නම් IP තාක්ෂනය හරහායි. දැනට විශාල වශයෙන් Internet ඒක පාලනය කරනු ලබන්නේ Google , Microsoft , Facebook වගේ ප්‍රධානපෙලේ ආයතන කිහිපයක් විසිනුයි. මෙවැනි තත්වයක් යටතේ තමයි Internet Computer Blockchain ඒක IP තාක්ෂනය තමන්ගේ Blockchain ඒකට යොදාගන්නෙ. මෙතනදි මෙයාල Blockchain තාක්ෂනය සහ IP තාක්ෂනය ඒ්කරශි කරල තියෙනවා. IP තාක්ෂනය Blockchain ඒකකට යොදාගත් පලවෙනි අවස්තාව විදිහට තමයි Internet Computer Blockchain ඒක හදුන්වන්නේ.ඒ නිසා තමයි Internet Computer Blockchain ඒක Cryptocurrency තුල තුන්වෙනි පියවර විදිහට හදුන්වන්නේ.
දැනට ලෝකය පුරා පැතිරුනු Computer Network ඒකක් මගින් Internet Speed ඒකෙන් Blockchain තාක්ෂනය ලබාදීම සිදුකරනවා.මේ Blockchain ඒක හදුන්වා දුන් Dominic Williams Internet Computer Blockchain ඒක Hack Free Platform ඒකක් විදිහට තමයි හදුන්වා දෙන්නේ. IP තාක්ෂනය බාවිතා කරන වෙනත් ජාල Hacker වරුන්ගේ ප්‍රහාර වලට ලක් උනත් Internet Computer Blockchain ඒක තුල ක්‍රියාත්මක වන Blockchain තාක්ෂනය නිසා Hacker ලට Hack කරන්න බැහැ.ඒ වගේම තමයි මෙයාල ආරක්ෂාව පිලිබදව මුල්තැනක් ලබාදීල තියෙනවා. මෙතනදි Chain Key කියන තාක්ෂනය බාවිතා වෙනවා. මේ මගින් සෑම Block ඒකකම තොරතුරු Computer Network ඒක පුරාම ගබඩා කරන අතර Block ඒකක තොරතුරැ වෙනස් කලොත් අදාල Block ඒකට පිවිසීම අවහිර කරනු ලබනවා.මේ විදිහට තමයි Blockchain ඒක තුල ආරක්ෂාව තරකරප තියෙන්නේ. ඒ් වගේම තමයි මෙයාල Transition Validation කරන්න Smart Watch , Mobile Phone වගේ Device වලටත් අවස්ථාව ලබාදීල තියෙනවා.
Internet Computer Blockchain ඒක තුල Transition Validation කරන්න Use කරන්නේ Proof Of Steak කියන Transition Validation Method ඒක. මෙතනදි මෙයාල Proof Of Steak Method ඒක වැඩිදියුනු කරල Threshold කියන Algorithm ඒක හදුන්වාදීල තියෙනවා. මේ Algorithm ඒක මගින් Transition Speed ඒක විශාල ලෙස වැඩි කරල තියෙනවා.Transition Speed ඒක තත්පර 1-2 ක් වගේ තමයි දක්වල තියෙන්නේ. Transition fee ඒකත් ඩොලර් 1 ටත් වඩා අඩු අගයක් තමයි මෙයාල අයකර ගන්නේ. දැනට සාමාන්‍ය විදිහට වගේම Smart Contract තාක්ෂනය හරහා ක්‍රියාත්මක වෙන ඔනෑම Blockchain ඒකකට Internet Computer Blockchain ඒක හා සම්බන්ද වෙන්න අවස්ථාව ලබාදීල තියෙනවා.අනෙක් බොහෝ Blockchain වල වගේම මෙයාලත් D-App වගේම විවිධ Project Build කරන්න අවස්ථාව ලබාදීල තියෙනවා. දැනට මෙයාල Internet Service , Application Build and Maintenance , වගේම Enterprise System Build කරන්නත් අවස්ථාව ලබාදීල තියෙනවා.
Internet Computer Blockchain ඒක හදුන්වාදෙන Cryptocoin ඒක තමයි ICP Coin කියල හදුන්වනනේ. 2021.5 වෙනි මාසයේදි තමයි මෙයාල ICP Coin ඒක Binance ඇතුළු Crypto Exchange වල List කරල තියෙන්නේ. ආරම්භයත් ඒක්කම සීග්‍රයෙන් මිල ඉහල ගිහින් පහලට වැටුනත් අද වෙන කොට හොද ස්ථාවරයක් ICP Coin ඒක ගොඩනගාගෙන තියෙනවා.ඒ් වගේම තමයි Internet Computer Blockchain ඒක තුල ක්‍රියාත්මක වෙන තාක්ෂනය නිසා අනාගතයේ ඉහල මිලකට ගමන් කරන්න අවස්ථාවක් තියෙනවා කියල තමයි Cryptocurrency පිලිබද Expert ලා අදහස් දක්වන්නේ.මේ හේතු නිසා Long Time වගේම Short Time Invest කරන්න Coin ඒකක් හොයන කෙනෙකුට වටින Coin ඒකක් විදිහට ICP Coin ඒක දක්වන්න පුලුවන්.කොහොම උනත් ඔයාල ICP Coin ඒක තුල Invest කරන්න බලාපොරොත්තු වෙනවනම් හරි විදියට Analisis කරල Market ඒක ගැන හොදට හොයල බලල අවබෝධයක් ඇතුව Invest කරන්න මතක තියාගන්න.