දවසින් දවස ඉහළ යන මිලත් සමග cryptocurrency market එක තුළ බොහෝ දෙනා මේ වනවිට විවිධ වර්ගයේ coin මිලදී ගැනීමට පෙළඹවී සිටිනවා. නමුත් බොහෝ දෙනා මේ coin පිළිබදව මූලික අවබෝධයක් නොමැති නිසා බොහෝ අවස්ථා වල පාඩු සිදු කරනු ලබනවා.එම නිසා ඔබ සැමට මේ coin පිළිබදව තොරතුරු ලබා දීමේ අරමුණෙන් තමයි මේ ලිපි පෙළ අරගෙන එන්නේ. අද ලිපියෙන් කතා කරන්නේ Matic coin එක ගැන.

2017 දී Jayanthi kanani කියන පුද්ගලයාගේ අදහසකට අනුව තමයි මේ Matic coin එක හදුන්වා දෙන්නේ. මුල දී Matic Network නමින් හැදින් වූ මේ ජාලය පසුව poligon matic Network විදිහට වෙනස් කෙරුවා. මෙතන දී Sandeep Naylaval වගේම Anurag arjun කියන copounderes ලත් එකතු වෙලා ඉන්නවා. ඒ වගේ ම පසු කාලීනව සර්බියානු ජාතික ඉන්ජිනේරුවරයෙකු වු Mihailo bjelic මෙයාලත් එක්ක එකතු උනා. මෙතන දී මම දකින වැදගත්ම දෙයක් තමයි මේ coin එක අයිති වෙන්නේ අපේ රට වන අසල්වැසි ඉන්දියාවට වීමයි.
poligon network එක Ethereum blockchain එක උඩ Run වෙන program එකක් විදිහට හදුන ගන්න පුළුවන්. මෙයාලාගේ ප්‍රධාන අරමුණ විදිහට දක්වලා තියෙන්නේ දැනට Ethereum blockchain එක උඩ Run වෙන Decentralized Network වල තියෙන Gas fee එක ගොඩක් වැඩියි.මේකට විසදුමක් විදිහට poliganetworke එක තුළ gas fee එක ඩොලර් එකකටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි දක්වලා තියෙන්නේ.ඒ වගේ ම තමයි දැනට blockchain වල Transition වලට ගතවෙන කාලය ගොඩක් වැඩියි. මෙතන දී poligan network එක තුළ Tranesion speed එක විනාඩියකට 65,000 ක් වගේ ප්‍රමාණයක් දක්වා වැඩි කරලා තියෙනවා.
මේ වන කොට ප්‍රධාන කථා බහට ලක්වෙලා තියෙන මාතෘකාවක් තමයි proof of work කියන Method එක මේ ක්‍රමයේ විශාල දුර්වලතා ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.එම නිසා අද වන විට බොහොමයක් Networke භාවිතා කරන්න පෙළඹිලා ඉන්නේ proof of steak කියන ක්‍රමය මෙතන දී poligon Network එක භාවිතා කරන්නේ අපි දෙවනියට කතා කරපු proof of steak කියන ක්‍රමය. ඒ වගේම තමයි මෙයාලාගේ Network එක ක්‍රියාත්මක වෙන්නේ Smatt contract කියන තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගෙන මේ ක්‍රමය මගින් අනිකුත් blockchain සමග පහසුවෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙනවා.
මේ කරුණු වලට අමතරව poligan (SDK ) කියන Modul එක මගින් poligon Network එක තුළ Multiple application Generate කරන අවස්ථාව සලසා තියෙනවා. ඒ වගේ ම තමා මෙයාලා ඕනෑ ම Blockchain Network එකට Ethereum blockchain එකට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. මෙන්න මේ කියන අරමුණු හා විශේෂතා තමයි අපට දක්නට ලැබෙන්නේ.
Poligon Network එක හදුන්වා දෙන Crypto coin එක තමයි Matic coin කියලා හදුන්වන්නේ.