අද අපි විස්තර අරගෙන එන NEAR Coin ඒක Run වෙන්නේ Near Protocol කියන Blockchain ඒක තුලයි. මේ Blockchain ඒක ඒක ගැන විස්තර කරද්දි කියන්න තියෙන්නේ හොද ඉදිරි ගමනක් පෙන්වන Blockchain ඒකක් විදිහටයි. ඒකට හේතු වන්නේ දැනට මේ Blockchain ඒක තුල ක්‍රියාත්මක වන තාක්ෂනයයි. ඔයාල දන්නවා මම මීට කලින් අවස්ථා ගනනාවකදීම විස්තර අරගෙන ආව ප්‍රධාන Blockchain විදිහට හදුන්වන Bitcoin Ethereum වගේ Blockchain වල Transaction Method , Transaction Speed වගේම Network Fee තුල තියෙන දුර්වලතා ගැන ඒ වගේම ඒ දුර්වලතා මග ඇරල අලුත් Blockchain නිර්මානය කරන ඒක ගැන. අද අපි විස්තර අරගෙන ඒන NEAR Coin ඒකත් මේ කියන දුර්වලතා මග ඇරල නිර්මානය කරපු Blockchain ඒකක් විදිහට දක්වන්න පුලුවන්.

හොදයි ඒහෙමනම් අපි බලමු මෙයාල බාවිතා කරන්නෙ මොන වගේ තාක්ෂනයක්ද කියලා.මූලිකවම මෙයාල Transetion Validate කරන්න Use කරන්නේ Proof Of Steak කියන Valdetion method ඒක.මේ method ඒකේ තියෙන වැදගත්කම මම ඔයාලට කලින් කීප වතාවක්ම පැහැදිලි කරල තියෙන නිසා මේ ගැන නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නෑ කියල හිතනවා. ඔයාලට මේ ගැන අවබෝධයක් නැත්නම් ලිපි මාලාවේ මුලු ලිපි කියවන්න. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන Blockchain තියෙන දුර්වලතාවයක් වුන Transaction Speed ඒක ගොඩක් අඩුවීමට විසදුමක් විදිහට Nightshade කියන Sharding Technology ඒක හදුන්වාදීල තියෙනවා.මේ මගින් Transaction Speed ඒක තත්පරයට Transaction 100,000 දක්වා වැඩිකරල තියෙනවා. මෙතනදි මේ Nightshade කියන Technolagy ඒක ක්‍රියාත්මක වෙන විදිහ ගැන පැහැදිලි කරනවනම් ප්‍රධාන Blockchain ඒක තුල Paralal Blockchain ක්‍රියාත්මක වෙනවා. ඔයාල දන්නව ඇති අපි Blockchain ඒක තුල Transetion ඒකක් සිදු කලාම ඊට අදාල Block ඒකක් නිර්මාණය වෙනවා ඒ් වගේම අදාල Block ඒක Blockchain ඒක තුල ගබඩා කරගන්නවා කියල. මේ ක්‍රියාවලිය තනි Blockchain ඒකකින් සිදුවෙනකොට විශාල කාලයක් ගතවෙනවා. මේ හේතුව නිසා තමයි ප්‍රධාන Blockchain වල Transaction Speed ඒක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. නමුත් Sharding Technology ඒක තුල Paralal Blockchain ක්‍රියාත්මක වෙන නිසා Transetion සිදුකලාම Paralal Blockchain මගින් අදාල කාර්යට සහය වෙනනිසා ඉතා ඉක්මනින් Transition Process ඒක සිදුවෙනවා ඒ නිසා Transaction Speed ඒක වැඩිවෙනවා. දැනට සිදුවෙමින් පවතින Etheriyam 2.0 Updete ඒක තුලත් මේ කියන Sharding Technology ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ.
තව දුරටත් මෙයාලගෙ තාක්ෂනය ගැන කතාකරනවනම් Ecosystem වගේම Smart Contract කියන තාක්ෂනික ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම NFT Build කරන්න අවස්ථාව ලබාදීල තියෙනවා. දැනට තියෙන Blockchain අතරින් NFT Build කරන්න ඉතාම හොද Blockchain ඒකක් විදිහට තමයි Near Protocol Blockchain ඒක දක්වල තියෙන්නේ. අපි කලින් කතා කලා මෙයාල Transetion Validate කරන්න Use කරන්නේ Proof Of Steak කියන Valdetion method ඒක කියල. මෙතනදි Proof Of Steak Valdetion method ඒක වැඩිදියුනු කරල Doom Slug කියන තාක්ෂනික ක්‍රමය හදුන්වාදීල තියෙනවා. ඒ් වගේම තමයි Etheriyam Blockchain ඒක තුල ක්‍රියාත්මක වෙන Project වලට වගේම ERC-20 Token වලට පිවිසෙන්න අවස්ථාව ලබාදීල තියෙනවා.
2020 අප්‍රේල් 20 තමයි Near Protocol Blockchain එක Lonch කරල තියෙන්නේ. මේ Blockchain ඒක නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ Illia Polosukhin සහ Alexander Skidanov කියන පුද්ගලයො දෙන්නා. මේ පුද්ගලයො දෙන්න ගැන විස්තර කරනවනම් Illia Polosukhin Googal 1.0 Serchengin ඒකේ Engineering Manager විදිහට කටයුතු කරල පලපුරුද්දක් තියෙන පුද්ගලයෙක් ඒ වගේම තමයි Alexander Skidanov Mycrosoft ආයතනයේ Software Developer කෙනෙක් විදිහට කටයුතු කරපු පුද්ගලයෙක්. මේ විදිහට මෙයාලට ක්ෂේත්‍රය පිලිබදව අවුරුදු ගනනාවක පලපුරුද්දක් තියෙන පුද්ගලයො දෙන්නෙක් විදිහට හදුන්වල දෙන්න පුලුවන්.
මෙතනින් Near Protocol Blockchain ඒකේ CEO විදිහට කටයුතු කරන්නේ Alexander Skidanov කියන පුද්ගලයායි.
අපි අද විස්තර අරගෙන ඒන Near Protocol Blockchain එක හදුන්වාදෙන Crypto Coin ඒක තමයි Near Coin කියල හදුන්වන්නේ. 2020 /10 වෙනි මාසයේදි තමයි Crypto Exchange වල List කරල තියෙන්නේ. ආරම්භ කරද්දි මිල $1ක් වගේ තමයි සදහන් වෙලා තිබුනේ. අදවෙනකොට මිල $8.5 ක් කියන ප්‍රමානය සදහන් වෙලා තියෙනවා. දැනට මුලු කාලය පුරාවටම වැඩිම මිල විදිහට සදහන් වෙන්නේ $17.95 කියන ප්‍රමානයයි. 2021/12/15 වෙනිද තමයි මේ මිල සදහන් වුනේ. ආරම්භයත් ඒක්ක බලපුවාම හොද වර්ධනයක් පෙන්නුම් කරන Coin ඒකක් විදිහට Near Coin ඒක දක්වන්න පුලුවන්.
Near Coin ඒකේ Total Supply ඒක 1,000,000,000 විදිහට තමයි දක්වල තියෙන්නේ. දැනට 595,014,937 ප්‍රමානයක් Market ඒකට නිකුත් කරල තියෙනවා.Market Cap ඒක විදිහට සදහන් වෙන්නේ $6,319,670,596 කියන ප්‍රමානය.දැනට World Cryptocurrncy Rank ඒක විදිහට 33 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.
අද අපි විස්තර අරගෙන එන Near Protocol Blockchain එක හදුන්වාදෙන තාක්ෂනයත් සමගම ඉතා ඉක්මනින් මිල ඉහල යන්න අවස්තාවක් තිබෙන බව තමයි Cryptocurrncy Expert ලා අදහස් පලකරල තියෙන්නේ. ඒ් වගේම තමයි අපට Near Coin ඒකේ Market ඒක තුල හැසීරීම දිහා බැලුවමත් මේක තේරැම් ගන්න පුලුවන්. මේ හේතුත් ඒක්ක Cryptocurrncy Market ඒක තුල ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දිගු කාලීනව වගේම කෙටිකාලීනව ආයෝජනය කරන්න සුදුසු Coin ඒකක් විදිහට දක්වන්න පුලුවන්. මෙතනදි ඔයාල විශේෂයෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන වැදගත්ම කරුන තමයි Cryptocurrncy Market ඒක තුල ආයෝජනය කරන්න කලින් ආයෝජනය කරන Coin ඒක ගැන වගේම Market ඒක ගැන හොද අවබෝධයක් ලබාගෙන ආයෝජනය කරන්න. හරිවිදිහට Analysis කරල හොද අවබෝදයකින් මේ දේවල් සිදු කිරීමෙන් Market ඒකතුල Lost වෙන්න තියෙන අවස්තා අඩුකරගන්න පුලුවන්.
හොදයි ඒහෙමනම් අද විස්තර අරගෙන ආපු Near Coin ඒක ගැන වගේම Near Protocol Blockchain එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. තව දුරටත් ඔයාලට මේ පිලිබදව විස්තර ලබාගන්න පුලුවන් www.near.org කියන මෙයාලගෙ පුධාන Website ඒකෙන්.