අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන THETA Coin එක Run වෙන්නේ Theta lab කියන Blockchain එක තුලයි.මේ Blockchain එක ගැන විස්තර කතාකරනවනම් 2017 අවුරුද්දේ තමයි මුල් වතාවට අදහස් පලවෙලා තියෙන්නේ.2019 කියන අවුරුද්දේ තමයි ආරම්භ කරල තියෙන්නේ. Mitch Liu සහ Jieyi Long කියන පුද්ගලයො දෙන්න තමයි මේ Blockchain එක නිර්මානය කරන්න මුල් වෙලා තියෙන්නේ. මෙතනින් Mitch Liu තමයි Teta lab Blockchain එක තුල CEO විදිහට කටයුතු කරන්නේ.

Theta lab Blockchain එක ආරම්භ කිරීමේ ප්‍රධානම අරමුන තමයි Decentralized Video Streaming සදහා අවශ්‍ය කරන Blockchain තාක්ෂනික සහය ලබාදීම.එහෙමත් නැත්නම් Blockchain තාක්ෂනය හරහා Video Streaming කරන්න අවස්ථාව ලබා දීම. මෙතනදි මෙයාල 4K වගේම 8K Video Streaming කරන්න අවස්ථාව ලබාදීල තියෙනවා. දැනට මෙයාලගෙ Theta TV කියන ESport Live Streaming Platform එකකුත් ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම තමයි දැනට YouTube එකේ CEO මෙයාලගෙ උපදේශකයෙක් හැටියට කටයුතු කරනවා.Theta lab Blockchain එකත් එක්ක මේ වෙනකොට Google,Samsung, Sony වගේ ජනප්‍රිය ආයතන ගනනාවක්ම එකතුවෙලා ඉන්නවා

Theta lab Blockchain එක තුල Transaction Validation කරන්න Use කරන්නේ Proof Of Steak කියන Validation Method එක. ඒ වගේම තමයි මෙයාලගෙ Technology එක දිහා බලපුවම Blockchain එක ප්‍රධාන කොටස් තුනකට වෙන්කරල තියෙනවා.Edge Node, Guardian Nodes සහ Validator Nodes විදිහට තමයි මේවා හැදින්වෙන්නේ.මෙතනදි Edge Node මගින් Live Streaming කරන අයට ඒසදහා අවශ්‍ය කරන පහසුකම් ලබාදෙනවා.Guardian Nodes එක මගින් Blockchain එක පවත්වාගෙන යෑම Staking Mechanism එක පවත්වාගෙන යෑම වගේ Administration කටයුතු සිදුකරනු ලබනවා.Validator Nodes මගින් Transaction Validation කිරීම Token Transaction සිදුකිරීම සිදු වෙනවා. තවදුරටත් ඔයාලට Teta lab එක තුල ක්‍රියාත්මක වෙන Technology එක ගැන දැන ගන්න කැමතිනම් මෙයාලගෙ www.thetalab.org කියන ප්‍රධාන Website එකෙන් බලාගන්න පුලුවන්.
Theta lab Blockchain එක හදුන්වාදෙන Cryptocurrency Coin එක තමයි THETA Coin කියල හදුන්වන්නේ.2019-4 වෙනි මාසයේදි තමයි Binance ඇතුලු Crypto Exchange වල List කරල තියෙන්නේ. අද වෙනකොට මිල $0.49(2025-11) කියන සීමාවේ රැදිල තියෙනවා. මුලු කාලය පුරාවටම වැඩිම මිල වෙන්නේ(All Time High) $12.3 කියන ප්‍රමානය.

මේ Coin එක වගේම Theta lab එක මගින් TETA Fuel කියන Coin එකත් හදුන්වා දීල තියෙනවා.දැනට මේ Coin එක $ 0.023 කියන ප්‍රමානයේ තමයි තියෙන්නේ.මේ Coin එක දැනට Blockchain එක තුල Gasfee එක ගෙවන්න වගේම Validation කරන අයට Reword එක ගෙවන්නත් භාවිතා වෙනවා.
THETA Coin එකේ Totally Supply එක 1,000,000,000 විදිහට තමයි සදහන් වෙන්නේ. දැනට මෙයාල මුලු ප්‍රමානයම Market එකට නිකුත් කරල අවසානයි.මෙයාල Market Cap එක විදිහට $6,921,508,093 ප්‍රමානයක් හිමි කරගෙන තියෙනවා.World Cryptocurrency Rank ඒක විදිහට 34 වෙනි ස්ථානය හිම්කරගෙන තියෙනවා.
ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.