The Sandbox(SAND) | මීලග තාක්ෂණික පෙරලිය සහ සාර්ථක Metaverse Project එකක ආයෝජනය

අද වෙන කොට විශාල පිරිසකගේ කතාබහට ලක්වෙලා තියෙන මාතෘකා දෙකක් විදිහට Blockchain Game සහ Metaverse දක්වන්න පුලුවන්.මේ අතරින් Metaverse ගැන දැනට ලොකු කතාබහක් සිදුවෙනවා කියල ඔයාල දන්නවා.ලා්කයේ ජනප්‍රියම ආයතන ජාලයක් වන Facebook ජාලය පවා ඔවුන්ගේ නම Metaverse විදිහට වෙනස් කර‌ගෙන තියෙනවා. හැමෝම කතා කරන Metaverse කියන්නේ මොකක්ද? මම ඔයාලට මේ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.මොකද Metaverse කියන්නේ ටිකක් සංකීරන මාතෘකාවක් මේ ගැන සම්පූරන පැහැදිලි කිරීමක් ඉදිරි ලිපියකින් අරගෙන ඒන්නම්.Metaverse කියන නම ආරම්භ වෙලා තියෙන්නනේ 1992 දි Author Neel Stepson කියන විද්‍යප්‍රබන්ද නවකතා කරුවෙකුගේ නව කතාවකින්. මෙතනදි Metaverse කියල සරළව හදුන්වන්නේ අපට ස්වාභාවිකව දැකිය හැකි ආකාරයේ ත්‍රිමාන රූප , Holographic වගේ තාක්ෂනයක් ලබා දීමයි.මේ  සදහා VR Box වැනි තාක්ෂනික ක්‍රම බාවිතා වෙනවා.

අපි අද කතාකරන Sand Coin ඒක Run වෙන Sandbox කියන Blockchain ඒකත් ‌මේවගේ තාක්ෂනික ක්‍රමයක් ලබාදීමේ අරමුනෙන් තමයි ආරම්භ කරල තියෙන්නේ.මෙතනදි මෙයාල Blockchain තාක්ෂනය හරහා Online Game Play කරන්න වගේම Online Game Build කරන්නත් අවස්ථාව ලබාදීල තියෙනවා.මෙතනදි මෙයාල Users ලට Metaverse තාක්ෂනය හා සම්බන්ද වෙන්න අවස්තාව ලබාදීල තියෙනවා.ඒ් කියන්නේ Blockchain තාක්ෂනය හරහා 3D Game Build කරන්න අවස්ථාව ලබාදීල තියෙනවා.

2011 දි Pixowl කියන Foundation ඒක මගින් තමයි Sandbox කියන Blockchain ඒක නිර්මාණය කරල තියෙන්නේ.දැනට Sandbox Blockchain ඒකේ CEO විදිහට කටයුතු කරන්නේ Arthur Madrid කියන පුද්ගලයා වේ. Sandbox Blockchain ඒක ක්‍රියාත්මක වන්නේ Ethereum Blockchain ඒක තුලයි. මෙයාල Blockchain තාක්ෂනය හරහා 3D Game Build කරන්න වගේම Game Play කරල මුදල් උපයන්නත් අවස්ථාවක් ලබාදීල තියෙනවා.ඒ් වගේම මෙයාල Android සහ IOS කියන Mobile Operating System වලට ගැලපෙන Application පවා නිර්මාණය කරල තියෙනවා. මිලියන 40 කට ආසන්න Application ප්‍රමානයක් දැනට Download කරගන්න අවස්තාව ලබා දීල තියෙනවා. ඒ් වගේම තමයි Sandbox Blockchain ඒක තුල Non Fungible Token ඒහෙමත් නැත්නම් NFT Build කරන්න හැකියාවක් තියෙනවා. මෙතනදී Game වලට අවශ්‍ය කරන 3D NFT Build කරන්න වගේම Blockchain ඒක තුල NFT

අලවි කරන්නත් පුලුවන්. Blockchain තාක්ෂනය හරහා 3D Game Build කරන්න උනන්දුවක් දක්වන අයට  නොමිලේ මේ දේවල් කරගන්න පුලුවන්.ඒ් වගේම තමයි Cording පිලිබදව දැනුමක් නැති කෙනෙකුට උනත් ඉතාම පහසුවෙන් Sandbox Blockchain ඒක තුල පහසුෙවන් මේ දේවල් කරගන්න පුලුවන්.

Sandbox Blockchain ඒක තුල ක්‍රියාත්මක වන Technology ඒක ගැන කතාකරනවනම් දැනට අඩු බලශක්තියක් වැය වෙන Proof Of Steak කියන Validation Method ඒක තමයි Transition Validation කරන්න Use කරන්නේ. ඒ් වගේම තමයි Smart Contract Technology ඒකත් මෙයාල Use කරනවා. නිර්මාණය කරනු ලබන 3D Game සහ 3D NFT Blockchain ඒක තුලට Export කරන්න Voxedit කියන තාක්ෂනික ක්‍රමය හරහා අවස්තාව ලබා දෙනවා. මේ හරහා දැනට Windows වගේම Mac Os Use කරන ඔනෑම කෙනෙකුට මිනිස්රූප, සත්ව රූප හෝ ශාකපත්‍ර වග් ස්වාභාවික ලෝකයේ ඇති ඔනෑම Object ඒකක් 3D Object ඒකක් විදිහට පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුලුවන්.  Sandbox Blockchain ඒක තුල Build කරන සෑම Project ඒකකට වගේම NFT ඒකකටත් මෙයාල Copyright Ownership ඒකක් ලබාදෙනවා.

Sandbox Blockchain ඒක හදුන්වා දෙන Cryptocoin ඒක තමයි SAND Coin කියල හදුන්වන්නේ. 2020.8 වන මාසය්දි තමයි Binance ඇතුලු Crypto Exchange වල Coin ඒක List කරල තියෙන්නේ. ඒ වෙන කොට මිල $0.0083 ක් විදිහට තමයි සදහන් වෙන්නේ. දැනට මිල $0.20 කියන ප්‍රමානෙය් රැදිල තියෙනවා.

මුලු කාලය පුරාවටම ඉහලම මිල විදිහට සදහන් වෙන්නේ $7.17 කියන ප්‍රමානයයි.

Previous Article

THETA Coin හොද ආයෝජනයක්ද? | Decentralized Video Streaming තාක්ෂණය

Next Article

Gala(GALA) Coin | Gaming Coin අතරින් හොදම ආයෝජනයක්

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨