Hedera(HBAR) | වේගවත් Blockchain එකක ආරම්භය

ද කතාකරන HBAR Coin එක Run වෙන්නේ Hedera කියන Blockchain එක තුලයි. ඒ වගේම මේ Blockchain එක Hedera Hashgrap Blockchain කියලත් හදුන්වනවා.2018 දි තමයි මේ Blockchain එක ගැන මුල් වරට අදහස් පලවෙලා තියෙන්නේ.2018-8 වෙනි මාසයේදී ප්‍රථම වතාවට ICO එක පවත්වලා තියෙනවා.2019 දි තමයි Blockchain එක ආරම්භ කරල තියෙන්නේ.  

Mance Harmon සහ Dr Leemon Baird කියන පුද්ගලයො දෙන්නා තමයි Hedera Blockchain එක නිර්මානය කරල තියෙන්නේ. මෙතනින් Mance Harmon Blockchain එක තුල CEO හැටියට කටයුතු කරනු ලබනවා. මොහු ගැන කතාකරනවනම් තොරතුරු තාක්ෂනය සහ තොරතුරු තාක්ෂන ආරක්ෂාව පිලිබදව ආයතන ගනනාවකම CEO හැටියට කටයුතු කරල අවුරුදු 20 ක් වගේ පලපුරුද්දක් තියෙන පුද්ගලය‍ෙක්.Dr Leemon Baird කියන පුද්ගලය ගැන කතාකරනවනම් මෙයා Hedera Blockchain එක Co-pounder වගේම CHIEF SCIENTIST විදිහට කටයුතු කරනු ලබනවා. මොහුට පරිගනක විද්‍යව පිලිබදව ආචර්ය උපාධියක් පවා තියෙනවා.

Hedera Blockchain එක ආරම්භ කිරීමේ මූලික අරමුන වෙලා තියෙන්නේ දැනට ප්‍රධානපෙලේ Blockchain තුල දක්නට ලැබෙන දුර්වලතා මගහැරල ඒ වෙනුවට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබාදීමයි.මෙතනදී මොවුන් වේගය ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වගේම ඉතා අඩු Network Fee එකක් ලබාදීල තියෙනවා.අපි ගොඩක් ලිපිවලින් ප්‍රධානපෙලේ Blockchain තුල දක්නට ලැබෙන දුර්වලතා ගැන කතාකරල තියෙනවා.මෙතනදි Transaction Speed එක විශාල Network Fee එකක් ගෙවන්න සිදුවීම සහ අධික බලශක්ති වැයවීම වගේ කරුනු දක්වන්න පුලුවන්.මෙතනදී  Hedera Blockchain එක තුල Transaction Speed එක තත්පරයට  Transaction 10000 ක් දක්වා වැඩිකරල තියෙනවා.ඒ වගේම තමයි Transaction එකක් සිදුකිරීමට ගතවෙන කාලය තත්පර 3-5 ක් වගේ කෙටි කාලයක්.Transaction එකක් සිදුකිරීමට වැයවෙන්නේ 0.00017 kwh කියන සුලු බලශක්තියක් පමනයි.Network Fee එක විදිහට අයකරගන්නේ $0.0001 වගේ සුලු මුදලක් පමනයි.Hedera Blockchain එක තුල Transaction Validation කරන්න Use කරන්නේ අපි හැමෝම දන්න දැනට Bitcoin එක පවා Use කරන Prrof Of Worke කියන Validation Method එකයි.ඔයාල දන්නවා මේ Validation Method එක තුල බොහෝ ගැටළු තියෙනවා කියල.මේ හේතුව නිසා Hedera Blockchain එක තුල Hashgrap කියන තාක්ෂනික ක්‍රමය භාවිතා කරල මේ ගැටළු නිරාකරනය කරලතියෙනවා.

මෙතනදී Hashgrap කියල හදුන්වන්නේ Algorithm එකක්.දැනට මේ Hashgrap තාක්ෂනය සදහා පේට්නට් බලපත්‍රයක් පවා Hedera Blockchain එක සතුවෙලා තියෙනවා.මේ  Algorithm එක හරහා නිතරම එකිනෙකා අතර තොරතුරු හුවමාරු වෙනවා.දැනට Blockchain වල තොරතුරු හුවමාරු කරන්න තියෙන ලාබදායි වගේම 

වේගවත්ම ක්‍රමය විදිහට තමයි Hashgrap තාක්ෂනය හදුන්වන්නේ.ඒ වගේම තමයි මේ තාක්ෂනය Blockchain එකක් තුල බාවිතා වෙන පලවෙනි අවස්තාව විදිහට තමයි Hedera Blockchain එක දක්වන්නේ.මේ හේතුව නිසා තමයි Hedera Hashgrap Blockchain නමින් මෙයාලව හදුන්වනනේ.Hedera Blockchain එක තියෙන තවත් විශේෂ ලක්ෂනයක් තමයි මෙයාල සතුවෙලා තියෙන Governing Council එක.මෙතනදි මෙයාලත් එක්ක Google , IBM , TATA , LG වගේ ලෝකය පුරා ජනප්‍රිය ආයතන 36 ක් එකතු වෙලා ඉන්න්වා.මෙතනදි මෙයාලට Blockchain එක තුල Vote කිරීම අරමුදල් වෙන්කිරීම සහ Token Transfer කිරීම වගේ පාලන කටයුතු වලට සම්බන්ද වෙන්න අවස්තාව ලබාදීල තියෙනවා.

අනෙක් බොහෝ Blockchain වල වගේම Hedera Blockchain එක තුලත් Decentralized Applications එහෙමත් නැත්නම් DAPP ගොඩනගන්න අවස්ථාව ලබාදීල තියෙනවා.මේ සදහා Blockchain එක තුල විවිධ Tool වර්ග වගේම Hedera SDK කියන Language එකත් හදුන්වා දීල තියෙනවා.මේ වෙන කොට විශාල DAPP ප්‍රමානයක් Blockchain එක තුල ක්‍රියාත්මක වෙනවා බලාගන්න පුලුවන්.ඉතින් ඒ වගේම තමයි මේ තුල Non Fungible Tokens එහෙමත් නැත්නම් NFT සදහාත් අවස්තාව ලබාදීල තියෙනවා.ඉතින් මේ විදිහට තමයි Hedera Blockchain එක එක ක්‍රියාත්මක වෙන්නේ.තව දුරටත් ඔයාලට විස්තර දැනගන්න පුලුවන් මෙයාලගෙ www.hedera.com කියන ප්‍රධාන Website එකෙන්.

2019.9 වෙනි මාසයේදි තමයි මේ Coin එක Cryptocurrency exchange වල List කරල තියෙන්නේ. ඒ වෙන කොට Coin එක $0.03 කියන මිලට තමයි තිබුනේ. අද වන විට මිල $0.17 කියන සීමාවේ රැදිල තියෙනවා. මුලු කාලය පුරාවටම වැඩිම මිල විදිහට $0.41 කියන ප්‍රමානය වාර්තාවෙලා තියෙනවා.


Previous Article

Gala(GALA) Coin | Gaming Coin අතරින් හොදම ආයෝජනයක්

Next Article

VeChain(VET Coin) එක ආයෝජනයට හොද Coin එකක්ද?-500% Incoming

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨