දවසින් දවස විශාල වෙන Cryptocurrency Market එකත් එක්කම ගොඩක් දෙනෙක් මේ වනවිට Cryptocurrency ගැන උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. Market එක තුල මේ වන විට විශාල Cryptocurrency Coin ප්‍රමානයක් දක්නට ඇති අතර බොහෝ දෙනෙකු මෙවා මිලදී ගැනීමේදී අදාල Cryptocurrency Coin එක ගැන වගේම Market එක ගැන නිසි අවබෝධයකින් මෙම මිලදී ගැනීම් කරන බවක් පෙනෙන්නට නැහැ. මේ හේතුව නිසා බොහෝ අවස්තා වලදී පාඩු ලබන බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිසා හරි විදිහට මේ Coin පිලිබදව අධ්‍යනයකර මිලදී ගැනීම් තුලින් හොද ආදායමක් ලබාගන්නා ආකාරය පිලිබදව පැහැදිලි කිරීමේ අරමුනෙන් තමයි මේ ලිපිපෙල අරගෙන එන්නේ. අද ලිපියෙන් විස්තර අරගෙන ඒන්නේ Gala Coin ඒක පිලිබදවයි.

දවසින් දවස දියුනුවන තාක්ෂනයත් ඒක්ක අද වන විට බොහෝ පිරිසක් Online Game වලට යොමුවෙලා ඉන්නවා බලාගන්න පුලුවන්.මේ හේතු නිසා Blockchain තුලත් මේ Online Game වලට අවශ්‍ය කරන Blockchain තාක්ෂනය ලබා දීමේ අරමුනෙන් විවිධ Blockchain අද වන විට නිර්මාණය වෙනවා දකින්න පුලුවන්. අපි අද කතාකරන Gala Coin ඒක Run වෙන Gala games Blockchain ඒකත් මේ වගේ Online Game වලට වශ්‍ය කරන Blockchain තාක්ෂනය ලබා දීමේ අරමුනෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.2019 දි තමයි Gala games Blockchain ඒක ආරම්භ කරල තියෙන්නේ.මුලදී Gala games Blockchain ඒක Online Gaming Base Network ඒකක් විදිහට තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මෙතනදි මෙයාල Game ඒක Play කරන Players ලට Game ඒක තුල Onership ඒකක් ලබාදීමට කටයුතු කරල තියෙනවා.මෙයාල Website ඒක තුල සදහන් කරල තියෙන්නේ “Making blockchain games you’ll actually want to play” ඒ් කියන්නේ “ඔයාට ඇත්තටම බ්ලොක්චේන් ගේම් සෙල්ලම් කරන්න ඔනනම් හදන්න” කියන ඒකයි.මේ Blockchain ඒක තුල දකින්න පුලුවන් තවත් විශේෂ දෙයක් තමයි Game ඒක තුල අන්තර්ගත වෙන දේවල් මිලදී ගන්න අවස්තාවක් ලබාදීම. ඒ කියන්නේ අපි සැබෑ ජීවිතයේ ඉඩම් ගෙවල් වාහන වගේ දේවල් මිලදී ගන්නවා වගේ Game ඒක තුල බිම්කොටස් , දූපත් ,බලකොටු වගේ දේවල් මිලදී ගන්න පුලුවන්.මේ දේවල් වල අයිතිය අපට ලැබෙනවා.ඒ වගේම මේ දේවල් නැවත අලවිකරන්නත් පුලුවන්.
Gala games Network ඒක ආරම්භ කරන්න මුල්වෙලා තියෙන්නේ Eric Schiermeyer කිමන පුද්ගලයා විසිනුයි.දැනට මෙයා Gala games ඒක තුල CEO විදිහට කටයුතු කරනු ලබනවා.මොහු ගැන විස්තර කරනවනම් දැනට Zynga කියන ජනප්‍රිය Mobill Game Company ඒකේ Co-Pounder කෙනෙක් විදිහට කටයුතු කරනු ලබනවා.Zynga Company ඒක විසින් හදුන්වාදුන් Zynga Poker , Mapia War , Famvilla වගේ ජනප්‍රිය Game ආරම්භ කරන්න Eric Schiermeyer දායක වෙලා තියෙනවා.මේ විදිහට අවුරුදු ගනනාවක අත්දැකීම් ඒක්ක තමයි Gala games Network ඒක ආරම්භ කරල තියෙන්නේ. Eric Schiermeyer ට අමතරව තවත් 60 දෙනෙක් මේ Gala games Network ඒකට දායකත්වය දක්වනවා.
Gala games Network කියන්නේ තනි Game ඒකක් නෙමෙයි. දැනට මෙයාල Game ගනනාවක්ම Devolop කරගෙන යනවා මේ අතරින් Town Star කියන Game ඒක Play කරන්න පුලුවන්.මම කලින් සදහන් කරපු විදිහට මේ Town Star Game ඒක තුල මේ Town එකේ කොටස් හිමිකර ගන්න අවස්තාව ලැබෙනවා.දැනට Spider Tank ,The Walking Dead Empires , Last Expedition ,Echoes of Empir , Legacye වගේ Game Devolop කරන ගමන් තමයි තියෙන්නේ. ඉතා ඉක්මනින් මේ Game Lonche කරන්න තමයි මෙයාල බලාපොරොත්තු වෙන්නේ.

මෙයාලගෙ Technolagy ඒක ගැන කතා කරනවනම් Node 16000 කට වැඩියෙන් ක්‍රියාත්මක වෙන Ecosystem Technolagy ඒකක් ක්‍රියාත්මක වෙනවා.Transetion Validetion කරන්න Use කරන්නේ Proof Of Steak කියන Validetion මෙතඩ් එකයි.දැනට Gala Coin ඒක ERC-20 Token ඒකක් විදිහට Etherium Blockchain ඒකතුල වගේම BSC Token ඒකක් විදිහට Binance Smart Chain ඒක තුල ක්‍රියාත්මක වෙනවා.ඒ් වගේම තමයි මේ තුල NFT Builed කරන්න වගේම Sell කරන්න Buy කරන්නත් අවස්තාව ලබාදීල තියෙනවා. දැනට 50000 කට වැඩි NFT ප්‍රමානයක් Gala games Network ඒක තුල ක්‍රියාත්මක වෙනවා.මේ NFT විශාල ප්‍රමානයක් Game වලට අවශ්‍ය කරන පරිදි තමයි නිර්මාණය කරල තියෙන්නේ. Game ඒක Play කරන Players ලට Game ඒක තුල අන්තර්ගත වෙන දේවල් මිලදී ගන්න විදිහටම මේ NFT මිලදීගන්න වගේම විකුනන්ත් පුලුවන්. ඔයාලට තවදුරටත් මේ Blockchain ඒක ගැන විස්තර දැනගන්න අවශ්‍යනම් www.app-gala.gams කියන මෙයාලගෙ Website ඒකෙන් ලබාගන්න පුලුවන්.
Gala games Network ඒක හදුන්වාදෙන Cryptocoin ඒක තමයි GALA Coin කියල හදුන්වන්නේ. 2021.10 වෙනි මාසයේදි තමයි මෙයාල GALA Coin ඒක Binance ඇතුළු Crypto Exchange වල List කරල තියෙන්නේ. ආරම්භක මිල විදියට $0.001 ක මිලක් සදහන් වෙලා තිබුනා. අද වෙන කොට මිල සදහන් වෙන්නේ $0.01 ක් විදිහටයි.දැනට මුලු කාලය පුරාවටම වැඩිම මිල විදිහට සදහන් වෙන්නේ $0.64 කියන ප්‍රමානයයි.